ඉපදුන තැනදිම (ආදරණීය කතාවක්) Lyrics
ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
ආදර දෙසිතක ඉකිබිදිනා
නොමියෙන මතකය පමණක් දෙහදේ
සිරවේවිද උන් මියෙන තුරා....
කාටත් නොපෙනෙන කවුරුත් නොදකින
ලයේ පැතුම් පොදි තෙරපෙනවා
ඉගිලී යන්නට අහසක් තිබුනට
සිත ඉඩදෙන්නෑ ඉඩ දෙන්නෑ
ආදරයේ දැහැනින් මිදිලා
සිතුවිලි අතරේ තනිවී ගොළුවුනු
බලාපොරොත්තුව යලි පුබුදා
දකිනා... පෙනෙනා...
සිහිනේ... සොයනා...
කැලබුන සිත සංසිදුනා....
ඉපදුන තැනදිම මියැදෙන පැතුමක්
සිරවේවිද උන් මියෙන තුරා...