ඉපිද මැරේ.. යළි ඉපිදේ.. Lyrics
ඉපිද මැරේ.. යළි ඉපිදේ..
නොතිර සසර සාගරේ..
නොතිර සසර සාගරේ..
අතරතුරේ නොමැරී මැරේ.. දස දහස් වරේ..
නිසල නැතේ සසල වෙතේ..
නොතිර සසර සාගරේ..
කුමට නැටුම් කෙළි කවට සිනා දා..
කුමට නැටුම් කෙළි කවට සිනා දා..
මරුට නොමැත කිසි විටකදි බාධා..
ඔබට නොදන්වා මරු මෙහි ආ දා..
යන්නට සිදුවන්නේ..
ඉන්නට බැරි වන්නේ..
නොතිර සසර සාගරේ
ඉපිද මැරේ.. යළි ඉපිදේ..
නොතිර සසර සාගරේ..
නොතිර සසර සාගරේ..
කුණු කය නිසරුයි.. නැත පවතින්නේ..
කල හොඳ පමණයි.. මෙලොව රැඳෙන්නේ..
නැති බැරිකම ලෙඩ දුක ඇතිවන්නේ..
අපටයි මිනිසුනේ.. ඇයි ඒ නොසිතන්නේ..
නොතිර සසර සාගරේ..
ඉපිද මැරේ.. යළි ඉපිදේ..
නොතිර සසර සාගරේ..
නොතිර සසර සාගරේ..