Ira sanda wandala neth deka arala

Ira sanda wandala neth deka arala

h r jothipala
Ira sanda wandala neth deka arala Lyrics

ආදරේ.. ආදරේ.. ආදරේ..

ඉර සඳ වැඳලා
නෙත්‌ දෙක ඇරලා
අත ඔබෙ නළලේ තියා..

හදවත සපුරා
පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා..

මගෙ සිත සැනසී
සැක බිය වැනසී
ගනඳුර පහව ගියා..

මම ඔබ අඳුනා
පිළිගමි ඉඳුරා
මට ආදරෙයි කියා..

සතර දිගන්තේ
සොඳුරු වසන්තේ
ඔය මුහුණෙහි දකිමි..

ඇසිපිය නොහැරා
දෙනෙතෙහි සතපා
ඔබෙ රුව මම රකිමි..

ඉර සඳ වැඳලා
නෙත්‌ දෙක ඇරලා
අත ඔබෙ නළලේ තියා..

හදවත සපුරා
පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා..

මගෙ සිත සැනසී
සැක බිය වැනසී
ගනඳුර පහව ගියා..

මම ඔබ අඳුනා
පිළිගමි ඉඳුරා
මට ආදරෙයි කියා..

මුළු ලොව මත්‌තේ
මගෙ යැයි කිව හැකි
ඔබ පමණයි ඇත්තේ. .

ඔබ මා ළඟ නම්‌
ජීවිතයට වෙන
කිසිවක්‌ හිඟ නැත්තේ...

ඉර සඳ වැඳලා
නෙත්‌ දෙක ඇරලා
අත ඔබෙ නළලේ තියා..

හදවත සපුරා
පවසමි ඉඳුරා
මම ආදරෙයි කියා..

මගෙ සිත සැනසී
සැක බිය වැනසී
ගනඳුර පහව ගියා..

මම ඔබ අඳුනා
පිළිගනි ඉඳුරා
මට ආදරෙයි කියා...

Video thumbnail