ඉරේ රැවුම් දැක.. බයවිලා..(ආලවන්තකම්‌)

Ire Rawum Daka Baya Weela Mona

ridma weerawardena
ඉරේ රැවුම් දැක.. බයවිලා..(ආලවන්තකම්‌) Lyrics

ඉරේ රැවුම් දැක.. බයවිලා..
වැවේ උගුර කට.. වේළීලා..
ගඩා ගෙඩිත්‌ හාමතයෙන්‌ උන්නා..
මොන ආලවන්තකම්‌ දෝ නගා..
මොන ආලවන්තකම්‌ දෝ නගා..

ඉරේ රැවුම් දැක.. බයවිලා..
වැවේ උගුර කට.. වේළීලා..
ගඩා ගෙඩිත්‌ හාමතයෙන්‌ උන්නා..
මොන ආලවන්තකම්‌ දෝ නගා..
මොන ආලවන්තකම්‌ දෝ නගා..

බලාපන්කො නුඹ කේඬෑරි වීලා
වේයන්‌ කෑව වැට ඉන්න වගේ..
එන පෝයට වැහි වහීද මන්දා..
තෙමිලා මැරෙන්නට.. වුණත්‌ හිනේ..
තෙමිලා මැරෙන්නට.. වුණත්‌ හිනේ..(ම්..ම්)

ඉරේ රැවුම් දැක.. බයවිලා..
වැවේ උගුර කට.. වේළීලා..
ගඩා ගෙඩිත්‌ හාමතයෙන්‌ උන්නා..
මොන ආලවන්තකම්‌ දෝ නගා..
මොන ආලවන්තකම්‌ දෝ නගා..

අවු  කාස්ටකේ තද පෑවිල්ලයි
රැලි දිදී නැගෙන මේ දූවිල්ලයි..
එන වෙසක්‌ මහේ.. වැස්සොත්‌ අගනෙයි
මංගල්ලේ එදාටයි.. නුඹෙයි මගෙයි..
මගුල එදාටයි.. නුඹෙයි මගෙයි.. (ම් ම්..)

ඉරේ රැවුම් දැක.. බයවිලා..
වැවේ උගුර කට.. වේළීලා..
ගඩා ගෙඩිත්‌ හාමතයෙන්‌ උන්නා..
මොන ආලවන්තකම්‌ දෝ නගා..
මොන ආලවන්තකම්‌ දෝ නගා..

මොන ආලවන්තකම් දෝ නගා..

මොන ආලවන්තකම් දෝ නගා...

Video thumbnail