ඉරෙන් හඳෙන්.. එළිය අරන්..
ගහෙන් වැලෙන්.. සුවඳ අරන්..
ඇඟෙන් දොළෙන්.. සිසිල අරන්..
අපට සැදුණු අපේ ලෝකයේ...
සතුටු වෙන්න ඒන්න යාළුවේ..
අපට සැදුණු අපේ ලෝකයේ...
සතුටු වෙන්න එන්න යාළුවේ..
හෝ.. හෝ.. හෝ.. හෝ..
සමනල තටු.. සිඳින්නෙපා..
පාට මැකී යයි දේදුන්නේ..
ගහවැල සිඳ.. දමන්නෙපා..
පොළොව දැවී යයි ඉර ගින්නේ..
අපට සැදුණු අපේ ලෝකයේ...
සතුටු වෙන්න ඒන්න යාළුවේ..
අපට සැදුණු අපේ ලෝකයේ...
සතුටු වෙන්න එන්න යාළුවේ..
ඉරෙන් හඳෙන්.. එළිය අරන්..
ගහෙන් වැලෙන්.. සුවඳ අරන්..
ඇඟෙන් දොළෙන්.. සිසිල අරන්..
අපට සැදුණු අපේ ලෝකයේ...
සතුටු වෙන්න ඒන්න යාළුවේ..
අපට සැදුණු අපේ ලෝකයේ...
සතුටු වෙන්න එන්න යාළුවේ..
හෝ.. හෝ.. හෝ.. හෝ..
නටා ගයන බටිති මලිත්තෝ..
අපා දෙපා සිවුපා ඇත්තෝ..
ඉරේ හඳේ ගහේ වැලේ..
අපි වගේම උරුමය ඇත්තෝ..
අපට සැදුණු අපේ ලෝකයේ..
සතුට බෙදා ගනිමු යාළුවේ..
අපට සැදුණු අපේ ලෝකයේ..
සතුට බෙදා ගනිමු යාළුවේ..
ඉරෙන් හඳෙන්.. එළිය අරන්..
ගහෙන් වැලෙන්.. සුවඳ අරන්..
ඇඟෙන් දොළෙන්.. සිසිල අරන්..
අපට සැදුණු අපේ ලෝකයේ...
සතුටු වෙන්න ඒන්න යාළුවේ..
අපට සැදුණු අපේ ලෝකයේ...
සතුට සදා රකිමු යාළුවේ...