Isuru kodewwe palu isawwe athithaye Lyrics
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ..
අතීතයේ ඇඳි පෙමීි සිතුවම්...
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ...
මකා දමා දෙසිතක සටහන්...
වියැකී යන්නට...
සැරසුනු මල දැක...
හිත හැඬුවා මුළු ලොවට හොරෙන්...
වියැකී යන්නට...
සැරසුනු මල දැක...
හිත හැඬුවා මුළු ලොවට හොරෙන්..
සමුගෙන යන්නෙම්...
යළිත් නොඑන්නට...
මලේ සුවඳ ගෙන මලට හොරෙන්..
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ ඇඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්
යළිදු පතන්නට...
පැතුම් පෙළක් නැත..
හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
යළිදු පතන්නට...
පැතුම් පෙළක් නැත..
හිත හැඬුවා මුළු ලොවට හොරෙන්..
සමුගෙන යන්නෙම්..
යළිත් නොඑන්නට..
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්..
ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ...
අතීතයේ ඇඳි පෙම් සිතුවම්..
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ...
මකා දමා දෙසිතක සටහන්...