ඉවසුම් දරා

 Iwasum Dara


ඉවසුම් දරා Lyrics

පවනැල්ලේ අඳුරේ හසරැල්ලේ නැහැවීලා
දේදුන්නේ පාට ගානේ ආලෙන් දිවුරාලා
සුලැඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා
උන්මත්තක සෙනෙහෙ මා හැර ගියා

ඉවසුන් දරා තනියෙන් මෙමා
මගේම ලෝකෙ ආයෙ පිපෙනවා
ආයෙත් ඔයා කුමරෙක් වෙලා
ඉර හද අරන් ආවත් මට එපා

රෑ පුරාම හදවත ගැස්මේ තිබ්බ ඒ
මේඛලාව බිඳුනම කෝ ඔබේ ආදරේ
ඔබ මවාපු කඳුලැල් ගින්නේ උණුහුමේ
මා යලි ඉපදෙන් මායලි පිබිදෙම්

සුලඟිල්ලේ බැඳිලා කඳුලැල්ලේ ගිල්වාලා
උන්මත්තක සෙනෙහෙ මා හැර ගියා

ඉවසුන් දරා තනියෙන් මෙමා
මගේම ලෝකෙ ආයෙ පිපෙනවා
ආයෙත් ඔයා කුමරෙක් වෙලා
ඉර හද අරන් ආවත් මට එපා

ආයෙත් ඔයා කුමරෙක් වෙලා
ඉර හද අරන් ආවත් මට එපා

Video thumbnail