ජවය ජීවයයි සමගිය බලයයි.. ජයගෙන දෙන්නේ...

Jawaya Jeewayai Abhimanaya Sri Lankawe

ravindra meegamarachchi
ජවය ජීවයයි සමගිය බලයයි.. ජයගෙන දෙන්නේ... Lyrics

ජවය ජීවයයි සමගිය බලයයි.. ජයගෙන දෙන්නේ...
නිහතමානයයි ශුරතාවයන්‌.. අභිබවා යන්නේ..
අත්‌ නොහරින උත්සහයෙන්‌.. දිරියටම යන්නේ..
හෙලනා ලේ දහබිඳු සුවඳයි.. අපි.. මනුසත්‌ කුලයේ..

ජය පැරදුම නොවේ.. අභියෝගයි ජයගන්නේ නෑ සංකා
විශ්වාසය ශක්තී.. අධිෂ්ඨානය.. අරමුණේ..
වැටුණත්‌ නැගිටිමූ.. දරාගනිම්න්‌ වෙසීමෙන්‌ අපි සැමදා
හදවතින්‌ කැපවෙමූ.. උද්යෝගයෙන්‌ ජය කරා..

(ඕ ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ..
ඕ ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ..
ඕ ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ..
ඕ ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ..)

ව්ශ්මිත දස්කම්‌ විස්කම්‌ කිසි..වෙකුට නොදැවෙනී..
විනයෙන්‌ හැදියාවෙන්‌ සැමකල්‌.. දිරියෙන්‌ අපී..
සිය දහසක එකම පැතුම එය ඉටු කරලීම වටී..
ජය ගෝසා මැද සැමක පිදුම්‌ ලද සිංහ පැටව්‌ අපී..

සිංහ ගර්ජනා නද පතුරා.. සිංහ ධජය ලොව ලෙල දෙවනා
අභිමානය ශ්‍රී ලංකාවේ.. අපි.. යුධ හමුදාවේ..
සෙබළ.. සෙබළියෝ අපි.. ක්‍රීඩකයෝ.. ක්‍රීඩිකාවෝ
යුද පිටියත්‌ ජය ගත්තා.. ක්‍රීඩා පිටියේ නම රන්දා..

මවුන්‌ මව්බිම වේ උතුම්‌.. යුධ හමුදාවයි පියවරුන්‌
ලේ කිරි වේ උන්‌ ණය අපි නමින්‌.. සෙනෙහසින්‌ සෑමදා..
ලොව දිනනා ජාතිය උතුම්‌.. ලොවක්‌ මවිත කර පෑ විකුම්‌
සුජාත වූ ලක්‌ දෙරණේ.. අපි විරාජ මාන වේ..

(ඕ ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ..
ඕ ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ..
ඕ ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ..
ඕ ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ.. ඔ ඕ...)

Video thumbnail