ජයසිරි මා හාමුදුරුවනේ Lyrics
ජයසිරි මා.. හාමුදුරුවනේ..
(ජයසිරි මා.. හාමුදුරුවනේ...)
දර මිටි ඇද්දා.. රෑ නිදි වැරුවා
ගිනිමැල ගහගෙන රැක හිටියා..
(එහෙව් අපට අද.. එන්ඩ තහංචිද)
ජයසිරි මා.. හාමුදුරුවනේ..
වැලි මළුවේ ඉඳ සාදු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාදිය මුහුවුණු
අපේ බාර පිළිගන්ඩ හොඳයි
ජයසිරි මා.. හාමුදුරුවනේ..
(ජයසිරි මා.. හාමුදුරුවනේ..)
රන් වැට පාමුල සාදු කියන කොට
ළෙන්ගතුකම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුචෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි
ජයසිරි මා.. හාමුදුරුවනේ..
(ජයසිරි මා.. හාමුදුරුවනේ...)
දර මිටි ඇද්දා.. රෑ නිදි වැරුවා
ගිනිමැල ගහගෙන රැක හිටියා..
(එහෙව් අපට අද.. එන්ඩ තහංචිද)
ජයසිරි මා.. හාමුදුරුවනේ..
ජයසිරි මා.. හාමුදුරුවනේ..
ජයසිරි මා.. හාමුදුරුවනේ..
ජයසිරි මා.. හාමුදුරුවනේ...
ජයසිරි මා.. හාමුදුරුවනේ..