ජීවිතේ කැප කරලා.. දිව රෑ නිදි නොබලා
ගමටම වැඩ කරලා.. සැමටම සෙත සදලා
දුන්නත් ඉතින් එදා.. මනාප නැතුව මෙදා
පැරදිලා අපේ මැතිතුමා
ගමටම වැඩ කරලා.. සැමටම සෙත සදලා
පැරදිලා අපේ මැතිතුමා)
ගියපාර උඩින් දින්නේ මං..
මේ පාර ඇපත් නෑනේ බං..
මොකද්ද කරපු වරද මං
ගිය දේ ගියාවේ..)
පැරදුණේ මං.. නැතිවුණේ මං
උඹලට නං.. මොකද ඉතින්
(සිංඤෝරේ..සිංඤෝරේ...සිංඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ)
පාරට තාර දැම්මේ මං..
ගමටම ලයිට් දුන්නේ මං..
ගේදොර හදලා දුන්නේ මං..
ඔච්චර කරලත් ගමට..
සැලකුවේ නෑනේ මුං මට..
මේවා හොඳ පාඩම් අපිට..
(සිංඤෝරේ....සිංඤෝරේ..සිංඤෝරේ..
ගිය දේ ගියාවේ..)
පැරදුණේ මං.. නැතිවුණේ මං
උඹලට නං.. මොකද ඉතින්
(සිංඤෝරේ..සිංඤෝරේ...සිංඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ)
රාණි කමලා ඇරියා පිටරට..
බැංකු ණයක් දුන්නා ගොවියට..
ඒ කරලත් කතිරේ නෑ මට..
නැති අය ඇති අය කෙරුවා..
කාගෙත් දුක සැප බැලුවා..
මුං.. කළගුණ අමතක කෙරුවා..
(සිංඤෝරේ....සිංඤෝරේ..සිංඤෝරේ..
ගිය දේ ගියාවේ..)
පැරදුණේ මං.. නැතිවුණේ මං
උඹලට නං.. මොකද ඉතින්
(සිංඤෝරේ..සිංඤෝරේ...සිංඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ)
යන්ඩ එන්ඩ වාහනයක් නෑ..
මගේ වටේ හිටපු බොඩි ගාඩ්ලත් නෑ..
අනේ.. දැන් කවුරුත් ගණන් ගන්නේ නෑ..
පත්තර වල මලඉග විස්තර නෑ..
ඉස්සර වග ටීවි එකෙත් නෑ..
අනේ.. දැන්නම් මට ඉඳලා වැඩක් නෑ..
(සිංඤෝරේ....සිංඤෝරේ..සිංඤෝරේ..
ගිය දේ ගියාවේ..)
පැරදුණේ මං.. නැතිවුණේ මං
උඹලට නං.. මොකද ඉතින්
(සිංඤෝරේ..සිංඤෝරේ...සිංඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ)
(සිංඤෝරේ....සිංඤෝරේ..සිංඤෝරේ..
ගිය දේ ගියාවේ..)
සම්තින්ග් නෑ.. දැන් කොමිස් එන්නේ නෑ..
ගහපු ගැහිලි අහු උනොතින් රටෙත් නන්න නෑ..
(සිංඤෝරේ..සිංඤෝරේ...සිංඤෝරේ...
ලබන සැරේ අපි දෙමුකෝ බැටේ)