දිවැසින් දකිනවයි...දිවැසින් දකිනවයි...
අහස පලාගෙන.. මුහුද දෙබෑ කොරගෙන
ඔබ වහන්සේලාගේ දිව්‍ය නේත්‍රාභරණ වලින්
බලා වදාරන සේක්වා..
මේ ගැත්තාගේ සිතුම් පැතුම් කරුණු කාරණා
හරිහැටි සරුවාප්‍රකාර සාර්ථක කරදී
හිඟන ජීවිතය.. හරි හැටි හිඟමන් ලැබී
යාන වාහන වල Parts වැඩි වැඩියෙන් ගලවා ගන්නට ලැබී
මේ හිඟන ජීව්තය තව තවත් සරුවප්‍රකාර
සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්කොර දෙන සේක්වා!!!!!
උඹලාගේ කාඩ රජා
විදි පුරා පාළු කපන කාඩ රජා මං
කාසි සොයා වේල පතා වාඩි ගසාපන්
අර නාඩි බලා.. අර ගාන කපා..
අර හීන්සැරේ මාරු වෙන්න උපන් එකා මං
විදි පුරා පාළු කපන කාඩ රජා මං
කාසි සොයා වේල පතා වාඩි ගසාපන්
අර නාඩි බලා.. අර ගාන කපා..
අර හීන්සැරේ මාරු වෙන්න උපන් එකා මං
ඉඳුල් පතින් සිඟාකමින් දුකේ වෙලීලා
සමාජයේ තැලුම් කමින් පයේ හැපීලා
ලෝකයෙන් අපට රිද්දයි නම් හෙටක් නැතුව වට්ටයි නම්
හැඟුම් දවා සුසුම් හෙලා කුමට හඬාලා
විදි පුරා පාළු කපන කාඩ රජා මං
කාසි සොයා වේල පතා වාඩි ගසාපන්
අර නාඩි බලා.. අර ගාන කපා..
අර හීන්සැරේ මාරු වෙන්න උපන් එකා මං
කාඩ රජා කියන්නේ මට ගල් කරන්නේ කර් පාර්ට්ස් මම
මගෙ බිස්නස් ස්ලොව් අයිලන්ඩ් හොරා කන්නේ බඩගින්නට
අපේ පැත්තේ බොරු වැඩ නෑ
කොල්ලන්ගේ ... වැඩ නෑ
පොලිසියෙන් ඇඹරෙන්නෙ.. ඉදලා හිටලා ගුටි කන්නෙ..
හෙටක් නැතී හිතක් ඇති බරක් නැතී ළමුන් අපි
ඇතත් නැතත් විලත් උලත් එකයි සිතාලා
මවක් ඇතී පියෙක් නැතී.. පියෙක් ඇතී මවක් නැතී
උපන් තැනක් සොයන්න නෑ කොහේ කියාලා
අපෙන් එකෙක් කොහේ මළත්
සොයා බැලු කෙනෙක් කියන්
අපේ කියා ලොවේ කෙනෙක් නෑ..
හඬා වැටී තැවී පලක් නෑ..
විදි පුරා පාළු කපන කාඩ රජා මං
කාසි සොයා වේල පතා වාඩි ගසාපන්
අර නාඩි බලා.. අර ගාන කපා..
අර හීන්සැරේ මාරු වෙන්න උපන් එකා මං
කරන කියන රැකි රක්ෂා දිනෙන් දිනම දියුණු වේවා
අපි කන බත් මිටක් ගානේ ඔහෙලට පින් සිද්ද වේවා
එහා පැත්තේ මේ නෝනා රුපියල් දහයක් දුන්නා
සෙත් පතනවා ඒ නෝනට නිරෝගි සුව අත්වේවා
මෙහා පැත්තේ මේ මහතා රුපියල් විස්සක් දුන්නා
නෝන්ඩ් උනේ නෑ පින්වත ඒ නෝනට මේ මහතා
විදි පුරා පාළු කපන කාඩ රජා මං
කාසි සොයා වේල පතා වාඩි ගසාපන්
අර නාඩි බලා.. අර ගාන කපා..
අර හීන්සැරේ මාරු වෙන්න උපන් එකා මං