Kaari Naa Sanda

Kaari Naa Sanda


Kaari Naa Sanda Lyrics

ලියවුනා ඔබ ගැන කවි පෙලක්
මැල වුනා රෑ තුන් යාමයක්
හද පලා යන දුක එක්කහු කරගෙන
ඉන්නවා මම මග බලන්...

හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං
පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං

ඔබෙ ආදරේකට...- ආසයි හේතු වෙන්නට...
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද..
ඔබෙ ආදරේකට....- ආසයි හේතු වෙන්නට...
කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද...

තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ....
පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ...

වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ...
ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ...

ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට...
කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට....
ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට...
කාරි නෑ සඳ නුඹ දැක ගන්න නෑ අද....

Video thumbnail