කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ.. දෙමාපියන් සෙවණේ
නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන්.. විද අමෝද සහනේ
මංගල නැකතින් පෙම්බරයෙකු හා.. හෙට මා පිටවෙනවා
ඒ ගැන සිතනා මොහොතක් පාසා.. දෙනෙත පිරි යනවා
වෙසෙනා.. තැනෙටා.. දුකකින්ය පා තබන්නේ
මාපියෝ දෙදෙනා නංගී මල්ලි.. ගැනමයි සිහිවන්නේ
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ.. දෙමාපියන් සෙවණේ
නිදැල්ලේ උන්නේ මා විනෝදයෙන්.. විද අමෝද සහනේ
පෙමිනා... වෙළෙනා.. හද ගැස්ම මා පෙළන්නේ
ආදර සැමියා මවන ලෝකයේ.. සැප පතමිනි යන්නේ