කලදවස

– Kaladasawa


කලදවස Lyrics

හිතන දේවල් හිතන විදිහට
නොවෙන එක දිවියේ සොබාව,
අඳුරු මතකය වසා දමනවා
කාලයාගෙ වැලි තලාව,
හිතට හුරු කරවා හිනාවෙන්
රිදෙන වග සඟවන කලාව
තමන්ටම මිස ග්‍රහයෙකුට බෑ
හොඳ කරන්නට කල දසාව.

උරුමයට නැති වුණත් ගේ දොර
ඉඩ කඩම් ගොඩ මඩින් ලැබුණ,
තට්ටු මන්දිර යාන වාහන
හැබෑ නොවෙනා නොවේ හීන,
හිතේ හයියට තිබේ බලයක්
ආස විදිහට දෛවෙ ලියන,
නවත්තපු උන් අනන්තව ඇත
බිමින් අරඹා හඳෙන් ගමන.

පඩිය නැඟලා උඩට යද්දී
අඩිය ගැන සිහි තියා ගන්න,
වතුර උගුරක් පවා දුන් අය
පපුව මැද්දෙන් ලියා ගන්න,
මොන තරම් දළ ඇතෙකු වූවත් කූඹියාටත් ගරු කරන්න,
මදුරුවෙකුටත් හැකිය මේ කය කර උඩක මිනියක් කරන්න...

Video thumbnail