කලක්‌ ඇවෑමෙන්‌ පෙරුම්‌ පුරා..

Kalak Awamen Perum Pura

milton mallawarachchi
කලක්‌ ඇවෑමෙන්‌ පෙරුම්‌ පුරා.. Lyrics

කලක්‌ ඇවෑමෙන්‌ පෙරුම්‌ පුරා..
සැසඳෙන පිවිතුරු සිතක්‌ සොයා..
සසර ගෙවා ආ පැතුම්‌ පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක්‌ උනා..

කලක්‌ ඇවෑමෙන්‌ පෙරුම්‌ පුරා..
මා සිටියා මග දෙනෙත්‌ අයා..
සිහින විමානෙන්‌ ඔබ ඇවිදින්‌ අද
මා හදවත මල්‌ ලොවක්‌ කළා..

ජීවිතයක සෙනෙහස බැඳිලා
ආදරයක සෙවණැලි අතුරා
මා හදවත විසිතුරු කරලා
ඇඳි සිතුවම්‌ නොම යයි මැකිලා

කලක්‌ ඇවෑමෙන්‌ පෙරුම්‌ පුරා..
සැසඳෙන පිවිතුරු සිතක්‌ සොයා..
සසර ගෙවා ආ පැතුම්‌ පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක්‌ උනා..

ආදර දෙවොලේ සීනු හඬින්‌
මා සිත ඔබ වෙත කැඳවනවා..
සීතල මීදුම්‌ සේල ඉරා
ගත දවටාගෙන මා එනවා..

කලක්‌ ඇවෑමෙන්‌ පෙරුම්‌ පුරා..
සැසඳෙන පිවිතුරු සිතක්‌ සොයා..
සසර ගෙවා ආ පැතුම්‌ පුරාගෙන
ඔබ හමුවී නව කෙනෙක්‌ උනා....

Video thumbnail