කන්ද කෙන්ද කරනු පිණිස

Kanda Kenda Karanu Pinisa

malani bulathsinhala
කන්ද කෙන්ද කරනු පිණිස Lyrics

කන්ද කෙන්ද කරනු පිණිස
කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ
සිටියලු තනිවීලා

අන්දමන්ද ගන අඳුරේ
කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතු
කෙන්ද බලාපල්ලා

ගහේ පිපුණු මල්‌ සේරොම
බමරුන්ටත්‌ දීලා
බලා හිඳී ගසක්‌ ඔහේ
සුළඟේ හිනැහීලා

බඹරු එතත්‌ දෙබරු එතත්‌
ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනාසෙනු මිස
විහඟුන්ගේ ගී අසාලා

කන්ද කෙන්ද කරනු පිණිස
කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ
සිටියලු තනිවීලා

අන්දමන්ද ගන අඳුරේ
කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතු
කෙන්ද බලාපල්ලා

කුණාටු සුළි සුළං වැදී
ගහකොළ පෙරළා වී
මුල හොඳ නම්‌ ගසක්‌ ළඟදි
කුණාටු පරදිවී

ගහේම මල්‌ බුදු පුදටත්‌
නෙළා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම
මල්‌ බිම පාගාවී

කන්ද කෙන්ද කරනු පිණිස
කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ
සිටියලු තනිවීලා

අන්දමන්ද ගන අඳුරේ
කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතු
කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටෙයි සිතු
කෙන්ද බලාපල්ලා
කන්ද කඩා වැටෙයි සිතු
කෙන්ද බලාපල්ලා...

Video thumbnail