කඳු පාමුල සිට දැහැනට සමවැද

kandu pamula sita

Athma Liyanage
කඳු පාමුල සිට දැහැනට සමවැද Lyrics

කඳු පාමුල සිට.. දැහැනට සමවැද..
මා ගයනා ගී.. ඔබට ඇසෙනවද..
කඳු මුදුනේ සිට.. දිවැස්‌ හෙලනු මැන..
ආල වඩන සඳ.. කිඳුරු ලියේ..

මිටියාවත්‌ කඳු.. ශිඛර සිසාරා..
සඳ බැස යන තුරූ.. අවර වනපෙතේ..
ඔබ කියු රහසින්‌.. මා සැලුනේ නැත..
ඔබ අන්සතු බව.. මම දැන සිටියෙමී..

ඇල දොලෙ ගංගා.. සයුර සිසාරා..
ඉර නැග එනවිට.. පෙරඹර අහසේ..
ඔය නෙතු කැල්මෙන්‌.. මා සැලුනේ නැත..
ඔබ අන්සතු බව.. මම දැන සිටියෙමී..

කඳු පාමුල සිට.. දැහැනට සමවැද..
මා ගයනා ගී.. ඔබට ඇසෙනවද..
කඳු මුදුනේ සිට.. දිවැස්‌ හෙලනු මැන..
ආල වඩන සඳ.. කිඳුරු ලියේ...

Video thumbnail