Kandula ithin samaweyan

Kandula ithin samaweyan

keerthi pasquel
Kandula ithin samaweyan Lyrics

කඳුළ ඉතින්‌ සමාවෙයන්‌
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා..
සිරියහනේ තනි රකින්න

කඳුළ ඉතින්‌ සමාවෙයන්‌
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා..
සිරියහනේ තනි රකින්න

කළු වලාව නැගෙන්‌ එපා
ගඟට උඩින්‌ හැන්දෑවට
මුදුන්‌ ලීය යටින්‌ පොළොවේ
ගොම හේදෙයි අලුත්‌ පිටම

කන්ද කපා හඳ පායා
සඳරැස්‌ යහනට වඩින්න
සඳ එළියෙන්‌ ඇගේ ගතේ...
පිපි ගෝමර මල්‌ දකින්න

කඳුළ ඉතින්‌ සමාවෙයන්‌
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා..
සිරියහනේ තනි රකින්න

මල්‌ දෙවැටේ වතුසුදු මල්‌
පිපේවි ඈ පිළිගන්නට
කොපුල්‌ තලා ඔමරි සිනා..
මතුවෙයි මල්‌ පරදන්නට

බිලිඳු ගෙනා කිරි සුවඳක්‌
ගෙපැල දොරින්‌ හමා එන්න
ඉඩ දීයං වලාකුළේ
මගෙ සිහිනයේ මල්‌ පිපෙන්න

කඳුළ ඉතින්‌ සමාවෙයන්‌
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා..
සිරියහනේ තනි රකින්න

කඳුළ ඉතින්‌ සමාවෙයන්‌
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා..
සිරියහනේ තනි රකින්න

මගෙ ගෙපැලට ඈ එනවා...
සිරියහනේ තනි රකින්න

මගෙ ගෙපැලට ඈ එනවා...
සිරියහනේ තනි රකින්න

මගෙ ගෙපැලට ඈ එනවා...
සිරියහනේ තනි රකින්න

මගෙ ගෙපැලට ඈ එනවා...
සිරියහනේ තනි රකින්න

Video thumbnail