කඳුළු හා එතී සුසුම්‌ පාවෙතී-(කිරුළ)

Kandulu ha ethi susum pawethi kirula

Bachi Susan
කඳුළු හා එතී සුසුම්‌ පාවෙතී-(කිරුළ) Lyrics

කඳුළු හා එතී සුසුම්‌ පාවෙතී
සිහින ඉහිරුණු එක්ටැම්‌ ගේ පුරා
පෙමක්‌ ඉකිබිඳී හිතින්‌ ළතවෙවී
සොඳුරු උරුමය නිහඬව කුස දරා

නුඹේ වගක්‌ පවසන්න බැරී
සොඳුරු රුවති ඔබ මටයි හිමි
පෙමක්‌ වසන්‌ කල හැකිද සකී
ලොවට පෙමට බැමි බඳිනු බැරී

කිරුළ අපේ පෙම්‌ රජ දහනේ
හිමියනි මා තුරුළට ආවේ
මල්‌ පාවඩ අතුරා නෑ මාවතේ
පය පරිස්සමින්‌ මේ දිවි ගමනේ

වැටෙන හුස්ම සේ රකින්‌ පුතු මගේ
ගමන කෙළවර දුටුවොත්‌ හෙට මගේ
කැකුලු මල අපේ.. අරන්‌ යනු මැනේ
නපුර නොපෙනෙන තැනකට හිමියනේ

නුඹේ වගක්‌ පවසන්න බැරී
සොඳුරු රුවති ඔබ මටයි හිමි
පෙමක්‌ වසන්‌ කල හැකිද සකී
ලොවට පෙමට බැමි බඳිනු බැරී

මංගල තැලි පට සේල නැතී
දිළිඳු පෙමකි ලොව කියනු ඇතී
ඒ පෙමින්‌ උපන්‌ මිණි කිරුළ සරී
මල්‌ කැකුලට ඔබේ සුවඳමයි හිමී

ආ..

කඳුළු හා එතී සුසුම්‌ පාවෙතී
සිහින ඉහිරුණු එක්ටැම්‌ ගේ පුරා
පෙමක්‌ ඉකිබිඳී හිතින්‌ ළතවෙවී
සොඳුරු උරුමය නිහඬව කුස දරා

නුඹේ වගක්‌ පවසන්න බැරී
සොඳුරු රුවති ඔබ මටයි හිමි
පෙමක්‌ වසන්‌ කල හැකිද සකී
ලොවට පෙමට බැමි බඳිනු බැරී
(බඳිනු බැරී.. බඳිනු බැරී...)

Video thumbnail