කඳුළු හුරතල්‌ වැඩිද මන්දා

kandulu hurathal wadida manda

Asanka Priyamantha
කඳුළු හුරතල්‌ වැඩිද මන්දා Lyrics

කඳුළු හුරතල්‌ වැඩිද මන්දා
පුංචි දේටත්‌ ඇඬෙන හින්දා
හීන කවදත්‌ මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා

මලෙක මොළකැටි සුමුදු පෙති මත
ලියු සෙනෙහස රිදුම් දෙන සඳ
බලාගෙන නෙත්‌ පියන්‌ නොදැනිම
කඳුළ වැටුනා අහිංසක ලෙස

කඳුළු හුරතල්‌ වැඩිද මන්දා
පුංචි දේටත්‌ ඇඬෙන හින්දා
හීන කවදත්‌ මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා

නපුරුවී පෙමි විමන්‌ බිඳලන
හිතක්‌ කොතරමි නපුරු වුවද
කඳුළු හිනැහෙන විටදී නෙතු අග
අසරණයි යළි තනයි පෙම් ලොව

කඳුළු හුරතල්‌ වැඩිද මන්දා
පුංචි දේටත්‌ ඇඬෙන හින්දා
හීන කවදත්‌ මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා

Video thumbnail