කපිතාන් අමු සිංදුව (එර්බා සුවද)

Kapithan Amu Sinduwa (Erba Suwada)


කපිතාන් අමු සිංදුව (එර්බා සුවද) Lyrics

එර්බා සුවද විසිරුන සුදු වැල්ලෙ කරුවලේ
සල්ලෙ කොලම විසිවුනා උඹෙ මල්ලේ මගෙ කොලේ
ධර්මෙ උනත් පැලවෙනවනෙ රස්ත උඹෙ හිතේ
දින්න එව්න් දින්නෙම උන්ගෙ කර්මෙම නෙමේ

කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා

පල ඇති රුකටලු ගහන්නේ බොරු වචන කොට කොටා
එකෙක් උඩ එනකොට කහන්නෙ ඇයි මොකද කටකතා
අපි කව්ද කින්දමන්ද නෙමෙ වටින්නෙ මනුස්සකම් තමා
නැමෙනවා මචන් වී කරල උනත් පැහෙන තරමටා

කපිතාන් දන්නෙ නැතුව අනේ ඌම රැවටිලා
නැව් හුඟක් තියෙනවා නෙ මචන් මුහුදුබත් වෙලා

Video thumbnail