කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ Lyrics
කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ..
කිරිකැටි පුතුනේ..
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ..
කිරිකැටි පුතුනේ..
දුම් රොටු අතරේ කම්හල් ඇතුලේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ..
කිරිකැටි පුතුනේ..
කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ..
කිරිකැටි පුතුනේ...