කරගන්නම් ඔයා මගේ කරකාර
බඳින්නම් මාල වෙලා මනමාල
හොඳ හොඳහැටි රූපේ උඹේ හැඩ පාට
ඉටිරුපේ වගේ හැඩ බෝම
මගේ හද විල නම් රඟමඩල වෙන්නකො ඔයා මගේ නිලි රැජින
ඔය ඉඟ සුඟ නලවන තාල මන ලෝල වෙලා නුඹ කෝල
නුබේ ලස්සන ඔය සුදු මූණ
සිහියට එන්නේම හද මගේ පාර
ඇස් වලින් කතා කරන විට මාර
හිතෙන්නේ වශී වෙලා මගේ හිතම
නුඹේ ආලේ වටීමට බොම
දෙන්නේ නෑ කාටත් දැන් ඒ වරම
මගේ ජීවිතේ කරන්න පාට වෙනවද ඔයා මගේ Life Partner
තරු අරගෙන විත් හැම රෑම
සරසමි හීන -නුඹ ඉගි පාන
වින්දේ මන්මත් කළ ප්‍රේම
සිතුවිලි යාය- හදවත පීර
අපි යමුදෝ සසරේ ගමන පටලන් දෑත
බැද කරකාර -පැතුපෙම ලග-නවතිනවාද
පතිනිය වීලා සිහිනේ රෑම
තවරා ආල තව තව මාව කිතිකැව්වාද
මගෙ හිත ගාව
සනසන් මාව සිහිනෙන් සේම ඇවිදින් රෑක
මවමුද හද පැතු තාල
නුඹේ නා දළු වැනි රතු තොල්
සිඹින්නට ආසයි මම හැම කල්
ළගින්ම ඉන්නට නුඹ ලග මං පතනවා හැම භවේකදිම පින්
නුඹේ මූවින් තෙපළන හැම වදනින්
වසඟ වුණේ මම මටත් හොරෙන්
එනවද මගෙ ලගට සිහිනෙන් මටනම් සිහිනයත් හරිම Chill
ඔය පා සලඹ සලන රිදීමෙන්
මම නැළවෙන්නේ හොරෙන් හෙමිහින්
ඔය හැඩකාරි හරි කටකාරි වනවද ඔයා මගේ මනමාලි
මිණි පහණ නුඹයි මට නම්
එළිය කරන්න එනවද දැන්
මගේ නම් බිඳනා දැහැන් ක්ෂණිකයෙන්
මම නම් මත් තුන් අනුන්ගේ හැඟුමින් Babe