කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණිරස බව නොසිතුණිද ළඳේ
සඳ නොදනින නමුදු සඳට එළිය හිරු ගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමී
සඳ නොදනින නමුදු සඳට එළිය හිරු ගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමී
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමී
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණිරස බව නොසිතුණිද ළඳේ
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු
දසන් දෙනිස කුමටද නැතිවිට මුව මුකුළු
විසල් තුරු මුදුන් පල නැත නොපිපුණු කැකුළු
දසන් දෙනිස කුමටද නැතිවිට මුව මුකුළු
ගඟක් ලෙස ගලාවිත් නැමි නැමී දඟ වැදී
මගෙත් දෙපා සිපගනු මැන සිහිල සිතට දී
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ
පැමිණෙන දුක් පැණිරස බව නොසිතුණිද ළඳේ...