kavikariye-sindu-kiyana-lande Lyrics
කවිකාරියේ.. සින්දු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා..
මගෙ පාඩුවේ.. යන්ට යනවා ඔහේ
අනේ සාමි සැන්දෑ වෙලා..
කවිකාරියේ.. සින්දු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා..
මගෙ පාඩුවේ.. යන්ට යනවා ඔහේ
අනේ සාමි සැන්දෑ වෙලා..
දෙකනේ රිදී තෝඩු ලා..
නළලේ කොකුම් පාට ලා..
වීණා වායා තාලෙටා..
ගැයු ගී අසා ආවේ මා..
වීණා වයා.. කවි ගී ගයා..
අපි යන්නේ රැපියල් සොයා..
කවිකාරියේ.. සින්දු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා..
මගෙ පාඩුවේ.. යන්ට යනවා ඔහේ
අනේ සාමි සැන්දෑ වෙලා..
සිඟමන් නොයා මාවතේ..
මහදේ රැඳෙන් රූපිකා..
සසරේ ගෙනා ආදරේ...
පඬුරයි ඔබෙ දෝතටා..
දෙව් සාමිණී.. මන්දා අනේ..
හිත මාගෙ චංචල් වෙලා..
කවිකාරියේ.. සින්දු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා..
මගෙ පාඩුවේ.. යන්ට යනවා ඔහේ
අනේ සාමි සැන්දෑ වෙලා..
කවිකාරියේ.. සින්දු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා..
මගෙ පාඩුවේ.. යන්ට යනවා ඔහේ
අනේ සාමි සැන්දෑ වෙලා..