කවිය ඔබ Lyrics
කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසි
සිත දෙගිඩියාවෙන්.. තවම නොලියු
කවිය ඔබ.. කවිය ඔබ
පද එකින් එක ලියවා..
සිත කුරුටු ගා මැකුවා..
ඔබ ලියු කවි කියවා..
මං අසරණව උන්නා
යෞවනේ...
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඬුවා..
කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසි
සිත දෙගිඩියාවෙන්.. තවම නොලියු
කවිය ඔබ.. කවිය ඔබ
හොර ඇහින් ඉඟි කරලා..
සඳ මගෙන් සමුගත්තා..
කවි පොතම පොඩි කරලා..
නිදියන්න මට හිතුනා
යෞවනේ...
අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුණා..
කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසි
සිත දෙගිඩියාවෙන්.. තවම නොලියු...
කවිය ඔබ.. කවිය ඔබ...