කවුරුන්ද ඔබ මගේ-කවුරුන්ද මා ඔබේ Lyrics
කවුරුන්ද ඔබ මගේ..
කවුරුන්ද මා ඔබේ..
කවුරුන්ද ඔබ මගේ..
කවුරුන්ද මා ඔබේ..
දෙතොල් සලා මුදු සිනහා නගන්නෙමි
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමි
දෙතොල් සලා මුදු සිනහා නගන්නෙමි
දෙනෙත් පුරා පිරි කඳුළ සලන්නෙමි..
හදවත් ගැහෙනා රිද්මය අතරේ..
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු
කවුරුන්ද ඔබ මගේ..
කවුරුන්ද මා ඔබේ..
කවුරුන්ද ඔබ මගේ..
කවුරුන්ද මා ඔබේ..
ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ..
ජීවිතයට හුරු පැරදුම හමුවේ..
නොදොඩා ගොළු වී බලා සිටින්නෙමු
කවුරුන්ද ඔබ මගේ..
කවුරුන්ද මා ඔබේ..
කවුරුන්ද ඔබ මගේ..
කවුරුන්ද මා ඔබේ..