Kawruth ennathi kawruth dannathi

Kawruth ennathi kawruth dannathi

gunadasa kapuge
Kawruth ennathi kawruth dannathi Lyrics

කවුරුත්‌ එන්නැති කවුරුත්‌ දන්නැති
මල්පෙති ඉහිරුණු මල්‌ පාරේ..
දවසක හමුවෙමු හමුවි හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ..

සඳකැන්‌ බොඳ වුණු වලා කැදැල්ලේ
තරුකැට අහුරක සිනහා මෝදුකර
කඳුළින්‌ ඉපැදුණු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක්‌ දකින්නට
දවසක හමුවෙමු හමුවි හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ..

සියොලඟ මිහිදුම්‌ සළු අතුරාලා
මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස්‌ දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවි හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ..

කවුරුත්‌ එන්නැති කවුරුත්‌ දන්නැති
මල්පෙති ඉහිරුණු මල්‌ පාරේ..
දවසක හමුවෙමු හමුවි හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ..
හිනැහී වැළපෙමු අපි ආයේ..
හිනැහී වැළපෙමු අපි ආයේ...

Video thumbnail