කවුරුන්ද කවුළුව වැහුවේ

Kawurunda Kauluwa Wahuwe

shashika nisansala
කවුරුන්ද කවුළුව වැහුවේ Lyrics

කවුරුන්ද කවුළුව වැහුවේ
මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමග යන්නේ
මේ නුහුරු  මාවතේ..
හුරු  හිතට නුහුරක්‌ දැනුනා
අපි කෙරූ  ආදරේ..
නවතින්න අවසරයි ප්‍රේමයෙන්‌..

කවුරුන්ද කවුළුව වැහුවේ
මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමග යන්නේ
මේ නුහුරු  මාවතේ..

නාඩන්න මගෙ පණ කියලා
නුඹ ගියා මා දමා..
හැරයන්න හේතුත්‌ කියලා
මට කෙරූ  චෝදනා...
දුර නොයන ප්‍රේමෙන්‌ නික්මෙනා..
මට දුන්නු ඒ හුස්මත්‌ හිරවුනා..

මතකයද මේ දුක්‌ දෙන්නේ..
අපි කෙරු  ආදරේ..
අමතකද මා ළඟ උන්නා..
තනිකමින්‌ උන්‌ දිනේ..
ඇස්‌ වැහෙන මොහොතක්‌ පාසා..
නුඹ ඉන්නවා හිතේ..
යළි එන්න හැකිනම්‌ ඉක්මණින්...

නුඹෙ සුවඳ විලවුන්‌ තවරා..
සයනයේ ගුලිවෙලා
පැරණි මතකය මා වින්දා..
යළි එන්නේ නැති නිසා
යළි එන්නේ නැතිදෝ මා සොයා..
හැකි මට ඉන්න පෙර සේ ඉවසලා..

කවුරුන්ද කවුළුව වැහුවේ
මට දුන්නු ආදරේ..
මං කොහොම තනිමග යන්නේ
මේ නුහුරු  මාවතේ..
හුරු  හිතට නුහුරක්‌ දැනුනා
අපි කෙරූ  ආදරේ..
නවතින්න අවසරයි ප්‍රේමයෙන්‌..

Video thumbnail