කෙලෙසක කීවත්‌ ඔබ ගැන මතකය

kelesaka keewath oba gana mathakaya

Chandrasena Hettiarachchi
කෙලෙසක කීවත්‌ ඔබ ගැන මතකය Lyrics

කෙලෙසක කීවත්‌.. ඔබ ගැන මතකය
අමතක කරනු කියා..
ඔබ ඒ කීව ලෙසේ..
අමතක කරමි කෙසේ..
ඔබ ඒ කීව ලෙසේ..
අමතක කරමි කෙසේ..

යාදිනියක සේ.. මා ළඟ දැවටී
සෙනෙහස පැතූ එදිනේ..
ඔබ හට මෙලෙසේ.. අමතක මොහොතේ
මට අමතකව නැතේ...
ඔබ ඒ කීව ලෙසේ..
අමතක කරමි කෙසේ..

කෙලෙසක කීවත්‌.. ඔබ ගැන මතකය
අමතක කරනු කියා..
ඔබ ඒ කීව ලෙසේ..
අමතක කරමි කෙසේ..
ඔබ ඒ කීව ලෙසේ..
අමතක කරමි කෙසේ..

අසන හැම මුවින්‌.. ලොවම මා වෙතින්‌
ඔබ විමසන දවසේ...
බැඳි පෙම සඟවා.. ඉන්නද ඉවසා
මා ගොළු බිහිරකු සේ..
ඔබ ඒ කීව ලෙසේ..
අමතක කරමි කෙසේ..

කෙලෙසක කීවත්‌.. ඔබ ගැන මතකය
අමතක කරනු කියා..
ඔබ ඒ කීව ලෙසේ..
අමතක කරමි කෙසේ..
ඔබ ඒ කීව ලෙසේ..
අමතක කරමි කෙසේ..

Video thumbnail