කෙල්ල

 KELLA


කෙල්ල Lyrics

අරුංගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේකා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල

පහන් සිළු සේ රඟ යෙදි කෙල්ල
පුළුලුකුල පැද්දේ කෙල්ල
තුසිත සිත් මන් මත් වේ කෙල්ල
ශෘංගාර වෘත්තාන්ත ඍතුවේ තොස් වීය

ඈ මා වේ //

Rap

රස
මනින විවිද පිළිකුල අතර
මැද ඇලුණු නෙත,
පනින පනින තිරවල යස
හරය විනය නැති විස පිරිවර
අසහන යට පිළිවල සිත පැරදුන

මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර මත යැපුණු
හිස මුටට ලියන අර්ථ කථන මට දොඩනු
සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු
අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ

රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය
සීග්‍ර වුනේද ශ්හ් විසර්ජන
ශ්වේත රෙද්දේ මන්ද අමන රුදිර පරීක්ෂණ

අරුංගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේකා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල

Video thumbnail