කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
ටිකක් හිතලා බලනු ඌ පිරිසිඳු තණකොළ කන්නේ..
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා..
ඔබට තේරුණාද ඔබ කල පව් දුරදිග නොබලා..
කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
මුදල් නන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
අහිංසක සතෙකුගෙ ඉරණම ඉන්පසු විසඳෙන්නේ..
යළිත් ඒ මුදලින් මස් ගෙනැවිත් රසකර කන්නේ..
තමන් විකිණු ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ..
ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ..
ඉවතලන පොහොරන් මහ එළවළු කොටු සරුවෙන්නේ..
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
එවන් පිරිසිඳු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..
කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ.....