Kiri Idda Gahata Suda Aragena

Kiri Idda Gahata Suda Aragena

krishantha erandaka
Kiri Idda Gahata Suda Aragena Lyrics

කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක්‌ වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට.. ඒ ඇති මැණිකේ මට
සිහිනයක්‌ ලෙසින්‌ ගිලිහී යන අපෙ හෙට දවසට

කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක්‌ වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට.. ඒ ඇති මැණිකේ මට
සිහිනයක්‌ ලෙසින්‌ ගිලිහී යන අපෙ හෙට දවසට

අප නැතැයි කියා වැරුවද ගස්වැල්‌ මල්‌ සම්පත
ගඟ නතර වුනාදැයි කියන්න මුවදාර නොම දැක

අප නැතැයි කියා වැරුවද ගස්වැල්‌ මල්‌ සම්පත
ගඟ නතර වුනාදැයි කියන්න මුවදාර නොම දැක
පසු තැවෙන අපේ සිත්‌ තනිකර ලොව දුර ගමනක

කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක්‌ වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට.. ඒ ඇති මැණිකේ.... මට
සිහිනයක්‌ ලෙසින්‌ ගිලිහී යන අපෙ හෙට දවසට

මේ නුවර එදා වගෙමයි අප පෙමින්‌ ඇවිද ගිය
මුහුණුවර දන්න ගස්‌ වැල්‌ අප නැතත්‌ පඳුරු ලන

මේ නුවර එදා වගෙමයි අප පෙමින්‌ ඇවිද ගිය
මුහුණුවර දන්න ගස්‌ වැල්‌ අප නැතත්‌ පඳුරු ලන
ජීවිතය කියා දී එක දෙක පරමල්‌ හිනැහෙන

කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක්‌ වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට.. ඒ ඇති මැණිකේ.... මට
සිහිනයක්‌ ලෙසින්‌ ගිලිහී යන අපෙ හෙට දවසට...

Video thumbnail