කිරි වෙහෙරට මල් නෙලුවට
මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි
කිරි වෙහෙරට මල් නෙලුවට
මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි
ගිනි අව්වට පිච්චි පිච්චි
දෑස දෙපා කකියන කොට
අහම්බෙන් වගේ පිපුණා
සොඳුරු සිත්මලක් සිසිලට
වහන් වෙලා ඇවිත් නඬෙන්
නෙතින් කතා කරපු ඔබට
කොහොමද මං මිලක් දෙන්නේ
මගෙන් ගත්තු මල් දහයට
කිරි වෙහෙරට මල් නෙලුවට
මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි
නිකමටවත් කොයි රටේද
අහගන්නත් බැරි වුණානෙ
මල් දහයෙන් ඔය මතකය
සෙමින් සෙමින් ළං වුණාවේ
අනේ මහත්තයෝ යළිත්
ඇවිත් ගියොත් මේ පලාතේ
ඇත්තට එතකොට මගෙ වෙයි
මුළු හද මඬලම ඔයාගේ
කිරි වෙහෙරට මල් නෙලුවට
මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි
කිරි වෙහෙරට මල් නෙලුවට
මගේ මතකය මට සුවඳයි
මල් අරගෙන ගිය ඔයාට
සම්මා සම්බුදු සරණයි