කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා..
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා..
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා..
දිලිසෙනා සේම කරළිය දිලෙන්නේ නැතී
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි..
සකියනි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි..
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා..
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා..
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා..
රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇතී
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියනි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි...
සකියනි රදී කාසි සොලවන්නට
බෙර පදය මදි....
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා..
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා..
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා..
තන තන තාන තම් දෙනා...