කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ

Kiththane Kinaththe Original Song

ravana brothers
කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ Lyrics

කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ
සක්විත්තන්‌ හිරුට වැන්ද සිංහල දීපේ..
පුප්පානේ පූපනේ පැණිරස වෑහේ
ගම්මානේ ගිගුම්‌ දිදී සිංහල නාදේ..
කණ්හානේ කණ්හනේ කම්ස හෙළයිනේ
රාවන පරපුරක උළෙල බුදුන්ගේ දේසේ..

ඩමරු බුද්ධ බෙරය වයා නැකැත්‌ කෙලින්නා
කැවිලි පෙවිලි උයා උයා හැඩවැඩ වෙන්නා
අනුරාපුරයේ සයංජාත කිරිබත්‌ සැදෙනා
සමනොල සබරේ මසුරන්‌ බත දනට පිදෙන්නා
වස්සානේ දසන්තේ රාවන තාලේ
අවුරුද්දම සතුට රැන්දු සදහම්‌ දීපේ..
වස්සානේ දසන්තේ රාවණ නාලේ
අවුරුද්දම සතුට රැන්දු සදහම්‌ දීපේ..

නගුල දේව සේ ජවෙන්‌ කමතේ බමන්නා
දෙනෙත්‌ කොනෙන්‌ බලා බලා ළඳුන්‌ රඟන්නා
පැරණිම දේසේ පොරනේ සිරිත රකින්නා
ඒ දීපේ එක නැකතට සියල්ල වෙන්නා
මද්දාරා මදාරා පරසතු පිපෙනා
දෙව්ලෝකේ මෙහේනේ දෙවිවරු වසනා
කණ්හානේ කණ්හනේ කම්ස හෙළයිනේ
රාවන පරපුරෙක උළෙල බුදුන්ගේ දේසේ..

කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ
සක්විත්තන්‌ හිරුට වැන්ද සිංහල දීපේ..
පුප්පානේ පූපනේ පැණිරස වෑහේ
ගම්මානේ ගිගුම්‌ දිදී සිංහල නාදේ..
කණ්හානේ කණ්හනේ කම්ස හෙළයිනේ
රාවන පරපුරක උළෙල බුදුන්ගේ දේසේ...

Video thumbnail