කියන්න.. කියන්න.. හද රැඳි දේ.. මා සමගේ..

Kiyanna Kiyanna Hada Radi De

nadeeka jayawardana
කියන්න.. කියන්න.. හද රැඳි දේ.. මා සමගේ.. Lyrics

කියන්න.. කියන්න..
හද රැඳි දේ.. මා සමගේ..
කියන්න.. කියන්න..
ඇති සැමදේ.. රිසිසේ....

හද පුරා ආදරේ
ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන්‌ සිනා
දෙනුවන්‌ යුග ළඟ මගේ..
මන්මත්‌ සිත පුරා
කැළඹෙයි වේදනා හැඟුම්
නොදැනී ඒ ඇසිල්ලේ
කියවෙයි ඔබ නම හොරෙන්‌..

කියන්න.. කියන්න..
හද රැඳි දේ.. මා සමගේ..

නිදිවරා ජීවිතේ
මා ගෙතූ ගීතයේ
දැවටෙයි ඔබ කී වදන්‌
දෙසවන්‌ යුග ළඟ මගේ..
සුදුවන්‌ පිටු පුරා
බිහිවෙයි ගී ඔබේ නමින්‌
නොසිතා ඒ පිටු කොනේ
ලියවෙයි ඔබෙ නම හොරෙන්‌..

කියන්න.. කියන්න..
හද රැඳි දේ.. මා සමගේ..
කියන්න.. කියන්න..
ඇති සැමදේ.. රිසිසේ....

කියන්න.. කියන්න..
හද රැඳි දේ.. මා සමගේ..
කියන්න.. කියන්න..
ඇති සැමදේ.. රිසිසේ....

Video thumbnail