කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ...
කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ
සැරින් සැරේ හෙමින් ඇවිත් හයියෙන් යන්නේ...
කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ..
චනන්තරේ ඔබ දැක නැති තැනකිනි එන්නේ..
හමන තාලයටද ගහේ අතුකොළ නැටුවේ..
අතරමගදි ඔබ එනවිට මොනවද දුටුවේ..
ගොපලු පුතෙක් ගියා උදේ ගවරැල දක්කා..
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා..
සමගි වෙලා තැන තැන යනවාලු එක රැළේ..
කැලෑ මැදදි සත්තු දැක්කෙ නැද්ද මදනලේ..
කුරුළු මවක් නැතිවුණු පොඩි පැටවෙකු සෙව්වා..
තුරුළු කරන් මුවදෙන පැටියට කිරි පෙව්වා..
බුදුන්ගෙ සිරිපා ඇති යැයි ලොව පරසිද්ද..
සමන් ගිර වටේ සුළඟේ ඔබ ගියෙ නැද්ද..
ඔබත් ළමයො මේ අහන්නෙ මොනවද මන්දා..
අදත් උදෑසන මා සිරිපාදය වැන්දා..
රටත් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න..
මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න..
රටත් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න..
මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න...