කෝ මා පැතු.. ඔබෙ ආදරේ.. Lyrics
කෝ මා පැතු.. ඔබෙ ආදරේ..
කෝ මා පැතු.. ඔබෙ ආදරේ..
කෝ මා පැතු..
ආවේ එදා මා තනිවි ලොවේහි
නැතිවී ගියා ඒ හැඟුමන් මෙහී..
ආවේ එදා මා තනිවි ලොවේහි
නැතිවී ගියා ඒ හැඟුමන් මෙහී..
යළි මා අනාථයි.. උතුරා ගලා යයි
සංවේදනා..
කෝ මා පැතු.. ඔබෙ ආදරේ..
කෝ මා පැතු.. ඔබෙ ආදරේ..
කෝ මා පැතු..
ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
මුසුවි ඇසේවා සුළඟේ පවා..
ඈ හා අතීතේ ගැයු ගීත රාවේ
මුසුවි ඇසේවා සුළඟේ පවා..
කෙවිලි කැදැල්ලේ.. කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා..
කෝ මා පැතු.. ඔබෙ ආදරේ..
කෝ මා පැතු.. ඔබෙ ආදරේ..
කෝ මා පැතු..
පායා පහන් වු රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා
පායා පහන් වු රන් තාරකාවෝ
අඳුරේ දමා මා නොපෙනී ගියා..
කවදාද ආයේ.. පායා දිලෙන්නේ
රන් තාරකා..
කෝ මා පැතු.. ඔබෙ ආදරේ..
කෝ මා පැතු.. ඔබෙ ආදරේ..
කෝ මා පැතු..