කොහෙදෝ නුඹ ගිහින්‌ හිටියේ

kohedo nuba gihin hitiye

Edward Jayakody
කොහෙදෝ නුඹ ගිහින්‌ හිටියේ Lyrics

කොහෙදෝ... නුඹ
ගිහින්‌ හිටියේ..
වේදනා දොර ඇරුණා
කළුවරේ හිත රිදුණා
වේදනා දොර ඇරුණා
කළුවරේ හිත රිදුණා

කොහෙදෝ... නුඹ
ඇවිත්‌ හිටියේ..
අනෝරා වැහි වැටුණා
වසන්තේ මග හැරුණා
අනෝරා වැහි වැටුණා
වසන්තේ මග හැරුණා

කොහෙදෝ නුඹ.. ගිහින්‌ හිටියේ

කුණාටුව මැද.. බිඳි විසිවෙන..
හිතේ හසරැල්‌.. ලුහු බඳිනා..
සිතිජයට දුර.. අහස කෙළවර..
නුඹ ඇතැයි යළිත්‌.. මට සිතුනා..

ඉඩෝරය ළඟ.. හුස්ම අරගෙන..
හිතේ කොතැනද.. රැඳුණා..
පමාවී යළි.. ආ වසන්තයේ..
මගේ හෙට දවස මුනගැසුනා.. (මුනගැසුනා)
මගේ හෙට දවස මුනගැසුනා..

කොහෙදෝ... නුඹ
ගිහින්‌ හිටියේ..
වේදනා දොර ඇරුණා
කළුවරේ හිත රිදුණා
වේදනා දොර ඇරුණා
කළුවරේ හිත රිදුණා

කොහෙදෝ... නුඹ
ඇවිත්‌ හිටියේ..
අනෝරා වැහි වැටුණා
වසන්තේ මග හැරුණා
අනෝරා වැහි වැටුණා
වසන්තේ මග හැරුණා

කොහෙදෝ නුඹ.. ගිහින්‌ හිටියේ (ඇවිත්‌ හිටියේ)..

Video thumbnail