කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි

Kokilayange Kokila Nade

sunil santha
කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි Lyrics

කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි
කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි
හීන හඬින්‌ හීන වගේ එයි නැගී

ජාති ජාති මලින්‌ සුවඳ උරා බී..
වටින්‌ පිටින්‌ සිසිල්‌ සුළං හමන්නේ. .
සාමදාන සැඳැ සොබා ඇදෙන්නේ
අන්න අන්න ඉරත්‌ මූදේ ගිලෙන්නේ..
මගේ කුමාරී.. යාල තොටිල්ලේ.. පැදෙමු නිදැල්ලේ..

කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි
කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි
හීන හඬින්‌ හීන වගේ එයි නැගී

සුදෝ සුදෝ අන්න සඳත්‌ එබෙන්නේ..
සාධු සාධු ඔබේ දෙසයි බලන්නේ..
එපා එපා සඳේ නිකන්‌ තැවෙන්නේ
ඇයිද මගේ සුදා මටයි ආදරේ..
අන්න දෙව්ලියෝ.. අපේ පෙම්‌ බලා.. ගීත ගයන්නෝ..

කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි
කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි
හීන හඬින්‌ හීන වගේ එයි නැගී

සමන්‌ මලක්‌ නෙලා මගේ බිසෝගේ..
හිසේ ගසම්‌ අන්න මගේ විනෝදේ..
එන්න අනේ එන්න මගේ කුමාරී
සාධු කියා හාදු දෙකක්‌ දෙන්‌ සිරි..
මගේ කිරිල්ලී.. හනේ සුමිහිරී.. ගයන්‌ අමා ගී..

කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි
කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි
හීන හඬින්‌ හීන වගේ එයි නැගී

බෝම ඇතත්‌ සුදෝ මැණික්‌ සාගරේ..
ඔබයි මගෙ මැණික මගෙ ආදරේ..
ඉතින්‌ එපා සැකක්‌ මගේ සුන්දරී
මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරි..
මගේ අසෝකා.. මගේ විසාකා.. මගේ මල්ලිකා..

කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි
කෝකිලයන්ගේ.. කෝකිල නාදෙයි
හීන හඬින්‌ හීන වගේ එයි නැගී
හීන හඬින්‌ හීන වගේ එයි නැගී..

Video thumbnail