කොළඹ දුවන්නියේ.. හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපන්
කීවාම මොකද බං මට නම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනේ මං..
කොළඹ දුවන්නියේ.. හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපන්
කීවාම මොකද බං මට නම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනේ මං..
හෙට යාළු රැලක් උඹ එක්කලා නඩේ ගැහෙන්නේ
ඔය කොළඹ රටේ රසල් හිටන් උඹ අඳුනන්නේ
එහෙ අලුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා
ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා
ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා
කොළඹ දුවන්නියේ.. හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපන්
කීවාම මොකද බං මට නම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනේ මං..
දිග පීලි උඩින් කොහොමද උඹ නොවැටී යන්නේ
බිං ගෙවල් මැදින් කළුවරේම පාර දකින්නේ
මග නොදැන ගිහින් මමත් පීලි පනීද මන්දා
අනේ එහෙම උනොත් මේ මෝඩිට හු කියන්නෙපා
අනේ එහෙම උනොත් මේ මෝඩිට හු කියන්නෙපා
කොළඹ දුවන්නියේ.. හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපන්
කීවාම මොකද බං මට නම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනේ මං..
කොළඹ දුවන්නියේ.. හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපන්
කීවාම මොකද බං මට නම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනේ මං..