කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ...

Kolompure Nuba Inna Isawwe

samitha mudunkotuwa
කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ... Lyrics

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ...
කිරිල්ලියෝ ඉගිළෙනවලු නිදැල්ලේ...
අත වැනුවට නොවැටි මංමුළාවේ..
හිත රැඳියන්‌ මගේ සෙනෙහෙ කැදැල්ලේ...

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ...
කිරිල්ලියෝ ඉගිළෙනවලු නිදැල්ලේ...
අත වැනුවට නොවැටි මංමුළාවේ..
හිත රැඳියන්‌ මගේ සෙනෙහෙ කැදැල්ලේ...

දේදුන්නේ පාට අරන්‌ සේල අඳිනවාලු
ඔමරි හිනා කෝල බැලුම්‌ උහුලන්නට බෑලු..

ඈත රටින්‌ ගෙනා පුසුඹ හිත රවටනවාලු
මගෙ රන්කඳ ඒ පුසුඹට රැවටෙන්නේ නෑලු..

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ...
කිරිල්ලියෝ ඉගිළෙනවලු නිදැල්ලේ...
අත වැනුවට නොවැටි මංමුළාවේ..
හිත රැඳියන්‌ මගේ සෙනෙහෙ කැදැල්ලේ...

වෙල්‌ එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලු
දෙවැට දිගේ යන එනකොට ඉඟිබිඟි පෑවාලු..

කොයි දේසේ හිටියත්‌ නුඹ මගෙමයි කීවාලු
මගෙ රන්කඳ මතක නේද අපි දෙන්නා යාළු..

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ...
කිරිල්ලියෝ ඉගිළෙනවලු නිදැල්ලේ...
අත වැනුවට නොවැටි මංමුළාවේ..
හිත රැඳියන්‌ මගේ සෙනෙහෙ කැදැල්ලේ. .
හිත රැඳියන්‌ මගේ සෙනෙහෙ කැදැල්ලේ. .
හිත රැඳියන්‌ මගේ සෙනෙහෙ කැදැල්ලේ. .

Video thumbnail