කුමක්‌ කරත්‌ කොහේ ගියත්‌(බොරුකාරි)

kumak karath kohe giyath borukari

Daddy
කුමක්‌ කරත්‌ කොහේ ගියත්‌(බොරුකාරි) Lyrics

කුමක්‌ කරත්‌.. කොහේ ගියත්‌.. මොනවා වුණත්‌
මග බලන්‌ හිටියා මම අදත්‌.. පැය දෙකක්‌ තුනක්‌
දිනක්‌ දෙකක්‌.. පමා වුණත්‌ නෑ කවදාවත්‌
මම පමා වෙලා මේ වගේ.. එක දවසක්වත්‌

බඩත්‌ ගිනි නෑ උදේ ඉඳන්‌ මට තේ උගුරක්‌
බොන්නට අහලක පහළක.. පොඩි කඩයක්වන්‌
ඉවසාගෙන හිටියා නම්‌.. මම තව දුරටත්‌
තාමත්‌ හන්දියේ අඹ ගහයට මම උඹ එනකන්‌

මාව මග නොහැර (පං.. පං.. පං..)
මගේ මූණටම කියා (පං.. පං.. පං..)
පැත්ත ගියත්‌ උඹ ඇත්තම කියලා
මාව දාලා පල (යං.. යං.. යං..)

මගෙ දෑස්‌ දිහා බල පං.. පං.. පං..
තවත්‌ වරක්‌ හිත පං.. පං.. පං..
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන්‌ අහලා බල පං.. පං.. පං..

මතකයි.. මට අද වගේම තව එක දවසක්‌
මීට මාස දෙකයි දින දහයයි එදා වැහි දවසක්‌
මඩත්‌ වැඩී වැහි පොදත්‌ සැරයි මගෙ කුඩෙත්‌ පොඩි
උඹෙ මුහුණ වගේ මුළු අහසත්‌ එදා හරි අඳුරුයි

විදුලි කොටයි.. ඒවත්‌ උඹෙ කට වගේ සැරයි
අදත්‌ කලේ උඹ එදා මට කෙරුවා වගේ වැඩක්‌
හේතුවක්‌ ඇතත්‌ හේතුවක්‌ නැතත්‌ බැහැ කවදාවත්‌
සමාව දෙන්නට ඔය බොරුකාරිට තව පාරක්‌

මාව මග නොහැර (පං.. පං.. පං..)
මගේ මූණටම කියා (පං.. පං.. පං..)
පැත්ත ගියත්‌ උඹ ඇත්තම කියලා
මාව දාලා පල (යං.. යං.. යං..)

මගෙ දෑස්‌ දිහා බල (පං.. පං.. පං..)
තවත්‌ වරක්‌ හිත (පං.. පං.. පං..)
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන්‌ අහලා බල (පං.. පං.. පං..)

මාව මග නොහැර (පං.. පං.. පං..)
මගේ මූණටම කියා (පං.. පං.. පං..)
පැත්ත ගියත්‌ උඹ ඇත්තම කියලා
මාව දාලා පල (යං.. යං.. යං..)

මගෙ දෑස්‌ දිහා බල (පං.. පං.. පං..)
තවත්‌ වරක්‌ හිත (පං.. පං.. පං..)
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන්‌ අහලා බල (පං.. පං.. පං..)

මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන්‌ අහලා බල (පං.. පං.. පං..)
මට කියන කරන දේ සුදුසුයි දැයි
උඹ හිතෙන්‌ අහලා බලපං..

Video thumbnail