කුමරාණනේ.. නැතිදෝ දන්නේ

Kumaranane Nathido Danne

mariazelle goonetilleke
කුමරාණනේ.. නැතිදෝ දන්නේ Lyrics

කුමරාණනේ.. නැතිදෝ දන්නේ
මාගේ සුපෙම්‌ සිහිනේ..
මල්‌ යායට හිනැහෙන්නේ..
මල්‌ යායම නැහැ දන්නේ..
ඔබේ ඇසඟින්‌ බලා..
සනසන්න මගේ සිහිනේ..

සඳුටත්‌ කියලා.. හිරුටත්‌ කියලා
ඔබ තරුවෙන්‌ අරන්‌ ගියා..
සුවඳ සලා.. පෙති විහිදා
සුමුදු සිනා විඳි සිහිනේ..
කඳුළින්ද ගිනි බින්දේ..

සුසුමක්‌ තියලා.. සුවඳක්‌ තියලා
ඔබ සුවඳ අරන්‌ ගියා..
මගේ කියා.. දෑස පියා
මම ඔබේ ළඟින්‌ හිටියා..
ඔබ ගව්‌ සිය දුර ඇදුණා..

කුමරාණනේ.. නැතිදෝ දන්නේ
මාගේ සුපෙම්‌ සිහිනේ..
මල්‌ යායට හිනැහෙන්නේ..
මල්‌ යායම නැහැ දන්නේ...
ඔබේ ඇසඟින්‌ බලා..
සනසන්න මගේ සිහිනේ...

Video thumbnail