Kumariyaka Pa Salamba Saluna Lyrics
කුමරියක පා සළඹ සැලනා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුණා
කුමරියක පා සළඹ සැලුනා..
උකුල ළැමහස මලවි කරලිය
මුවා කල ඇඟේ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙලුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුණු තුසිතය
සුරන් නැළවූ සුයාමය
කුමටරයක පා සළඹ සැලනා..
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද
තලා සිඳ කම්පනය කරවයි
ළපලු තුරුවැල් කැකුලු මල් පෙති
මා හඬවයි බිඳුණු තුසිතය
සුරන් නැළවූ සුයාමය
කුමරියක පා සළඹ සැලනා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමර බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුණා
කුමරියක පා සළඹ සැලනා..