Kurullanta Gee Gayanna Obe Katahada

Kurullanta Gee Gayanna Obe Katahada

victor rathnayake
Kurullanta Gee Gayanna Obe Katahada Lyrics

කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න
නෙළුම්‌ විලේ මල්‌ පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික්‌ වලට දිස්නේ එන්න ඇසේ කැලුම්‌ දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ ඉතාල්‌ පෙති දෙන්න

ගලන ගඟට රළ නඟන්න ඔබෙ කඳුළැලි දෙන්න
ඉරට හඳට එළිය එන්න ඔබෙ හසකැන්‌ දෙන්න
නීල වලා සළු එළන්න ඔබෙ කෙහෙරැල දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත්‌ බැමි දෙන්න

කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න
නෙළුම්‌ විලේ මල්‌ පිපෙන්න ඔබෙ දෙකොපුල දෙන්න
මැණික්‌ වලට දිස්නේ එන්න ඇසේ කැලුම්‌ දෙන්න
නා දල්ලට පාට එන්න ඔබෙ තොල් පෙති දෙන්න

තණ නිල්ලට ඔබෙ දෙපතුල මොළකැටි බව දෙන්න
නල රැල්ලට ඔබේ සුසුම්‌ වල සිහිලස දෙන්න
පීවත්‌ වන ඩිංගට මට සැනසිල්ලෙන්‌ ඉන්න
එපා මැණිකෙ සිත පමණක්‌ කිසිවෙකුටත්‌ දෙන්න
එපා මැණිකෙ සිත පමණක්‌ කිසිවෙකුටත්‌ දෙන්න

එපා.. මැණිකේ.. සිත පමණක්‌.. කිසිවෙකුටත්‌ දෙන්න..
එපා මැණිකේ.. සිත.. පමණක්‌.. කිසිවෙකුටත්‌ දෙන්න..

Video thumbnail