La dalu bopath semin selena se

La dalu bopath semin selena se

karunarathna divulgane
La dalu bopath semin selena se Lyrics

ළා දළු බෝපත්‌ සෙමින්‌ සැලෙන සේ
යසෝදරා දේවී..
වාවනු බැරි තැන රහසේ හැඬුවා...
පෙර සංසාරේ ඇසුර මතක්‌ වී...
ළා දළු බෝපත්‌ සෙමින්‌ සැලෙන සේ...

ලේන කුලේ සිට ආගිය මගතොට
සිටියා නොසැලෙන පහන්‌ ටැඹක්‌ වී
නිවන්‌ දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක්‌ වී

ළා දළු බෝපත්‌ සෙමින්‌ සැලෙන සේ
යසෝදරා දේවී..
වාවනු බැරි තැන රහසේ හැඬුවා...
පෙර සංසාරේ ඇසුර මතක්‌ වී...
ළා දළු බෝපත්‌ සෙමින්‌ සැලෙන සේ...

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යශෝදරාවෝ...
පිපී නිවන්‌ මල්‌ සාදුකාර දී..
නිවී පහන්‌ විය උදැසනක්‌ සේ..

ළා දළු බෝපත්‌ සෙමින්‌ සැලෙන සේ
යසෝදරා දේවී..
වාවනු බැරි තැන රහසේ හැඬුවා...
පෙර සංසාරේ ඇසුර මතක්‌ වී...
ළා දළු බෝපත්‌ සෙමින්‌ සැලෙන සේ...

Video thumbnail