ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගේ..
ඔබව බලාගන්නට අම්මේ
ඔබව බලාගන්නට අම්මේ
ඉරහඳ පතුරන එළියට වැඩියෙන්
ඔබ මට හරි එළියයි අම්මේ..
දහසක් නෙත් මට මදි අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ
ලේ කිරි කරලා අම්මත් මාද
පෙව්වද නැත්නම් ඊට වඩා
ඉරහඳ දරු සෙනෙහසට යටත් කොට
දිය කර පෙව්වද සේද වලා..
ඉරහඳ දරු සෙනෙහසට යටත් කොට
දිය කර පෙව්වද සේද වලා..
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගේ..
ඔබව බලාගන්නට අම්මේ
ඔබව බලාගන්නට අම්මේ
දස මාසේ කුසයෙහි මා දරලා
ඉසිලු බර තව ඔබට මදී..
දරු සෙනෙහස මතූ බුදු කරවන්නට
මවු පදවිය ඔබ ලබන ලදී..
දරු සෙනෙහස මතූ බුදු කරවන්නට
මවු පදවිය ඔබ ලබන ලදී..
ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
මදි මට මුළු සංසාර යුගේ..
ඔබව බලාගන්නට අම්මේ
ඔබව බලාගන්නට අම්මේ
ඉරහඳ පතුරන එළියට වැඩියෙන්
ඔබ මට හරි එළියයි අම්මේ..
දහසක් නෙත් මට මදි අම්මේ
ඔබව බලාගන්නට අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ
ඔබව බලාගන්නට අම්මේ
දහසක් නෙත් මට මදි අම්මේ..