ළඳේ මුළා වී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකො පරාද වී දැන්
ළඳේ මුළා වී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකො පරාද වී දැන්
ළඳේ මුළා වී ගියා නම්
මැණිකෙ අගය කණා දන්නේ නෑ
නමුත් අගය බාල වෙන්නේ නෑ
පළුදු බඳුන ඕනැ වෙන්නේ නෑ
වැරදුණාම හරි කිව්වේ නෑ
මැණිකෙ අගය කණා දන්නේ නෑ
නමුත් අගය බාල වෙන්නේ නෑ
පළුදු බඳුන ඕනැ වෙන්නේ නෑ
වැරදුණාම හරි කිව්වේ නෑ
ළඳේ මුළා වී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකො පරාද වී දැන්
ළඳේ මුළා වී ගියා නම්
පරවුණාම මලේ සුවඳ නෑ
බොර වුණාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම් රසේ නෑ
හැරගියාට මා තනිවුන් නෑ
පරවුණාම මලේ සුවඳ නෑ
බොර වුණාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම් රසේ නෑ
හැරගියාට මා තනිවුන් නෑ
ළඳේ මුළා වී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකො පරාද වී දැන්
ළඳේ මුළා වී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකො පරාද වී දැන්
ළඳේ මුළා වී ගියා නම්...